Skip to content
V
ඉන්ධන මිල සංශෝධනය ගැන දැනුම් දීමක්
featured news - උණුසුම් පුවත්

ඉන්ධන මිල සංශෝධනය ගැන දැනුම් දීමක්

By News Room · 31 December 2024

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) රාත්‍රී නිවේදනය කළේය. රුපියල් 188 ක්ව පැවති භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183 ක් බව ද එම සංස්ථාව සඳහන් කරයි. එම නව මිල අද (31) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන බවත් සෙසු ඉන්ධන වර්ගවල මිල තවදුරටත් නොවෙනස්ව පවතින බවත් එම සංස්ථාව කීය.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 309 ක, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 371 ක, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 286 ක සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 313 ක තවදුරටත් පවතින බවද ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් ක⁣ළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026