Skip to content
V
ඉන්ධන මිල ඉහළ යාමෙන් ඕස්ට්‍රේලියා හා නවසීලන්තය ගුවන් ගමන්වලට බාධා
featured news - උණුසුම් පුවත්

ඉන්ධන මිල ඉහළ යාමෙන් ඕස්ට්‍රේලියා හා නවසීලන්තය ගුවන් ගමන්වලට බාධා

By News Room · 25 March 2026

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හමුවේ ගුවන් යානා ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන්, නවසීලන්තයේ දේශීය ගුවන් ගමන් සහ ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරීමට සිදුවීම පිළිබඳව Jetstar New Zealand ආයතනය සමාව අයැද ඇති බව බීබීසී පුවත් සේවය සඳහන් කරනවා.

ඒ අනුව, මැයි මාසයේ සැලසුම් කර තිබූ ගුවන් ගමන්වලින් සියයට 12කට මෙහි බලපෑම එල්ල වී ඇති අතර, ඕක්ලන්ඩ් (Auckland) සිට ක්‍රයිස්ට්චර්ච් (Christchurch), වෙලින්ටන් (Wellington), සිඩ්නි (Sydney) සහ බ්‍රිස්බේන් (Brisbane) දක්වා ක්‍රියාත්මක වන ප්‍රධාන ගුවන් ගමන් මීට ඇතුළත්.

අවලංගු කරන ලද ගුවන් ගමන්වල මගීන්ගෙන් බහුතරයකට එදිනම විකල්ප ගුවන් ගමන් පහසුකම් සලසා ඇති බවයි ගුවන් සමාගම සඳහන් කරන්නේ.

මේ අතර, ඉන්ධන මිල සහ සැපයුම පිළිබඳ ගැටලු හේතුවෙන් Vietnam Airlines සමාගම ද පසුගිය සඳුදා සිට සතියකට දේශීය ගුවන් ගමන් විස්සකට ආසන්න ප්‍රමාණයක් නතර කර ඇති අතර, මියන්මාරයේ ගුවන් සමාගම් ද ඔවුන්ගේ දේශීය ගුවන් ගමන් සීමා කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026