Skip to content
V
ඉන්ධන පිරවුම්හල්හිමියන් අද ජනාධිපති ලේකම් කාර්යාලයට
featured news - උණුසුම් පුවත්

ඉන්ධන පිරවුම්හල්හිමියන් අද ජනාධිපති ලේකම් කාර්යාලයට

By News Room · 3 March 2025

ආණ්ඩුව විසින් ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට පැවරීමේ උත්සහායක නිරත වන බවට සැකයක් මතුවන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එහි උපසභාපති කුසුම් සදනායක මහතා පැවසුවේ ඒ සඳහා රජය විවිධ උත්සාහ දරමින් සිටින බවය.

මේ අතර ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සියයට 3ක කොමිස් මුදල කප්පාදු කිරීම සම්බන්ධයෙන් අද (03) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සංදේශයක් භාරදීමට ද කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උපසභාපති කුසුම් සදනායක මහතා පැවසුවේය.

මේ අතර ලංකා ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්කරුවන් ද ඉන්ධන ඇණවුම් අත්හිටුවීමට තීරණය කර තිබේ. එහි සභාපති කෝසල විදානආරච්චි මහතා සඳහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්  ඇති කරන බලපෑම මත තමන්ට එක් ඇණවුමකින් රුපියල් 35,000ක පාඩුවක් සිදුවන බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026