Skip to content
V
ඉන්ධන කොමිස් මුදල ගණනය කිරීම සඳහා මිල සූත්‍රයක්
featured news - උණුසුම් පුවත්

ඉන්ධන කොමිස් මුදල ගණනය කිරීම සඳහා මිල සූත්‍රයක්

By News Room · 4 November 2024

‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ කොමිස් මුදල ගණනය කිරීම සඳහා මිල සූත්‍රයක් සකස් කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (4) පැවසීය.

එම මිල සූත්‍රයක් සකස් කිරීම සඳහා ඉන්ධන බෙදුම්කරුවන්ගේ පිරිවැය පිළිබඳව තොරතුරු මේ වන විටත් ගෙන ඇති බවත් ඉදිරියේදී එය ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා කීය.

ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ කොමිස් මුදල සම්බන්ධයෙන් උද්ගතවී ඇති ගැටලුවට විසදුමක් ලෙස ඕනෑම ඉන්ධන ලීටරයකට රුපියල් 6ක මුදලක් ගෙවීමට සංස්ථාව එකඟවුවද ඔවුන් අධිකරණයට ගොස් ඇති බවත් ඒ අනුව ඉන්ධන පිරවුම්හල් හිමියා සිපෙට්කෝ බෙදාහැරීම් ජාලයේ කොටස්කරුවෙක් ලෙස සළකමින් අසාධාරණ ලාභයක් ලැබීමේ අවස්ථාව නොදෙන බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026