Skip to content
V
ඉන්දීය හමුදාපති දිවයිනට
featured news - උණුසුම් පුවත්

ඉන්දීය හමුදාපති දිවයිනට

By News Room · 7 January 2026

ඉන්දීය හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මහතා දිවයිනට පැමිණ තිබේ.

දෙදින සංචාරයක් සඳහා ඒ මහතා ඊයේ (06) රාත්‍රියේ මෙරටට පැමිණ ඇති අතර, ශ්‍රී ලංකා යුද හමුදාපති, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ආරක්ෂක ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා සහ සිවිල් නායකයින් රැසක් හමුවීමට නියමිතව ඇත. එහිදී පුහුණු සහයෝගීතාව, කලාපීය ආරක්ෂාව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එමෙන්ම මෙම සංචාරය අතරතුර දී ඉන්දීය හමුදාපතිවරයා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) නිලධාරීන් හමුවීමටත්, බුත්තල හමුදා යුද විද්‍යාලයේ නිලධාරීන් සහ පුහුණුවන්නන් හමුවීමටද නියමිතව ඇත. තවද කොළඹ පිහිටි ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකයට උපහාර දැක්වීමටද ඉන්දීය යුද හමුදාපතිවරයා සැලසුම්කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026