Skip to content
V
ඉන්දියාවේ Nipah වෛරසය හේතුවෙන් දෙවන මරණයත් සිදුවෙයි
featured news - උණුසුම් පුවත්

ඉන්දියාවේ Nipah වෛරසය හේතුවෙන් දෙවන මරණයත් සිදුවෙයි

By News Room · 16 September 2024

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 24 හැවිරිදි සිසුවෙකු Nipah වෛරසයෙන් මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තාකර සිටිනවා. ජුලි මාසයෙන් පසු කේරළයේ නිපා රෝගයෙන් සිදුවූ දෙවන මරණය මෙයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් Nipah ප්‍රමුඛ රෝග කාරකයක් ලෙස වර්ගීකරණය කර ඇත්තේ එයට වසංගතයක් ඇති කිරීමට ඇති හැකියාව නිසයි. ආසාදනය වැලැක්වීමට එන්නතක් නොමැති අතර එය සුව කිරීමට ප්‍රතිකාර මෙතෙක් සොයාගෙන නැහැ.

වවුලන් සහ ඌරන් වැනි සතුන්ගෙන් එන Nipah, මිනිසුන්ට මාරාන්තික, මොළයේ ඉදිමීම් උණ ඇති කරනු ලබයි. මෙම සිසුවා සැප්තැම්බර් 4 වන දින උණ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගෙන දින පහකට පසු මිය ගිය බවයි උතුරු කේරලයේ පිහිටි මලප්පුරම් නගරයේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ආර්. රේණුකා පවසා සිටියේ.

පූනේහි ජාතික වෛරස් විද්‍යා ආයතනයට යවා ඇති සිසුවාගේ රුධිර සාම්පලයක් පරීක්‍ෂා කිරීමෙන් සැප්තැම්බර් 9 වැනිදා නිපා ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි වාර්තා වෙන්නේ. ජූලි මාසයේදී 14 හැවිරිදි පිරිමි ළමයෙකු මිය ගිය පසු මේ වසරේ මලප්පුරම් ප්‍රදේශයේ නිපා ආසාදනයෙන් සිදුවූ දෙවන මරණය මෙයයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026