Skip to content
V
ඉන්දියාවේ සිදු කළ කැණීමකදී අං තුනකින් යුත් ඩයිනෝසෝරයෙකුගේ පොසිලයක් හමුවෙයි
featured news - උණුසුම් පුවත්

ඉන්දියාවේ සිදු කළ කැණීමකදී අං තුනකින් යුත් ඩයිනෝසෝරයෙකුගේ පොසිලයක් හමුවෙයි

By News Room · 9 November 2025

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි සහරන්පූර් දිස්ත්‍රික්කයේ සහන්සාරා ගං ඉවුර ආසන්නයේ සිදු කළ කැණීම්වලින් ට්‍රයිසරටොප්ස් නම් අං තුනකින් යුත් ඩයිනෝසෝරයෙකුගේ යැයි විශ්වාස කෙරෙන පොසිලයක් හමුවී ඇති බව පර්යේෂකයින් පවසයි.

එම පොසිලය වසර මිලියන ගණනක් පැරණි විය හැකි බව දැනට සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම ඩයිනෝසෝරයන් ක්‍රිටේසියස් යුගයේදී එනම් වසර මිලියන 100.5 කට පෙර ජීවත්ව සිට ඇති බව වාර්තා වේ.

මෑත වසරවලදී මෙම ප්‍රදේශයෙන් කරන ලද කැණීමවලදී වසර මිලියන ගණනක් පැරණි පොසිල කිහිපයක්ම හමු වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් founder of the Natural History and Conservation Centre හි නිර්මාතෘවරයා පවසන්නේ වසර මිලියන 35-40ක් අතර කාලයක් හිමාල කඳු පාමුල වැළලී තිබී ඇති මෙම පොසිලය සංරක්ෂණය කිරීමට පහසු මට්ටමක පවතින බවය.

එමෙන්ම මෙය ඉතා හොඳ සොයා ගැනීමක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026