Skip to content
V
ඉන්දියාව සහ පාකිස්තානය අතර නොසන්සුතාව තීව්‍ර වෙයි
featured news - උණුසුම් පුවත්

ඉන්දියාව සහ පාකිස්තානය අතර නොසන්සුතාව තීව්‍ර වෙයි

By News Room · 1 May 2025

කාෂ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මුල්කරගෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර නිර්මාණය වූ නොසන්සුතාව ක්‍රමයෙන් තීව්‍ර වෙමින් පවතී.

ඒ අනුව අඛණ්ඩව 7වැනි රාත්‍රියටත් ජම්මු කාෂ්මීරයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර හමුදා පාලන සීමාව ආසන්නයේ දී දෙරටේ හමුදා අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පාකිස්තානය එල්ල කළ වෙඩි ප්‍රහාරවලට ඉන්දීය හමුදාව සාර්ථකව ප්‍රතිචාර දැක්වූ බවය.

සියලුම පාකිස්තාන ගුවන් යානාවලට සිය ගුවන් කලාපය වසා දැමීමටත් ඉන්දියාව පියවර ගෙන ඇත්තේ‍ මෙවන් පසුබිමකයි. එමෙන්ම පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ ද දෙරටේ නායකයින් සමග සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026