Skip to content
V
ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක්
featured news - උණුසුම් පුවත්

ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක්

By News Room · 5 January 2026

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට සහ ඊසානදිග ප්‍රදේශ කිහිපයකට අද (05) අලුයම ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 5.1ක ප්‍රබලත්වයක් පෙන්නුම් කළ බව ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) වාර්තා කළේය. එය අද අලුයම 4:17ට පමණ සිදුව ඇති අතර එහි කේන්ද්‍රය (Epicentre) ඇසෑම්හි මොරීගාඕන් (Morigaon) දිස්ත්‍රික්කය අසල වාර්තා වී ඇත.

මධ්‍යම ඇසෑම්හි මොරීගාඕන් සහ අවට දිස්ත්‍රික්කවලට මෙහි කම්පන දැඩි ලෙස දැනී තිබේ. කෙසේ වෙතත්, මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බව එරට බලධාරීන් සඳහන් කර සිටී. ඇසෑම් ඇතුළු ඊසානදිග ඉන්දියාව අයත් වන්නේ රටේ වඩාත්ම සංවේදී භූ කම්පන කලාපයට (Seismic Zone V) බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026