Skip to content
V
ඉන්දියාවේ කෝවිලක ගින්නක් - 150කට තුවාල
featured news - උණුසුම් පුවත්

ඉන්දියාවේ කෝවිලක ගින්නක් - 150කට තුවාල

By News Room · 29 October 2024

ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ කෝවිලක් තුළ සිදුවූ ගිනිගැනීමක් හේතුවෙන් පුද්ගලයින් 150කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කෝවිලේ පැවති මංගල්‍යයක් අතරතුර එම අනතුර සිදුව ඇති බවය. අනතුරින් තුවාල ලැබූවන්ගෙන් 08 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සිද්ධිය සිදුව ඇත්තේ අංජූටම්බලම් වීරකාව් ප්‍රදේශයේ තෙයම් උත්සවයේ ආරම්භය සැමරීම අතරතුරදී ය.

සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ, මධ්‍යම රාත්‍රීයේ පමණ රතිඤ්ඤා සංදර්ශනයක් පැවති අතර, එම එක් රතිඤ්ඤායක් අසල රතිඤ්ඤා ගබඩා කර තිබූ මඩුවට වැටෙන්නට ඇති බවය. ඒ අනුව පොලීසිය ද සැක පළ කරනුයේ, කෝවිල අසල පිහිටි ගිනිකෙළි ගබඩාවක් තුළ ඇතිවූ ගින්නක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026