Skip to content
V
ඉන්දියාව කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට
featured news - උණුසුම් පුවත්

ඉන්දියාව කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට

By News Room · 31 October 2025

ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියාව සමත් විය. තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලෙසින් මෙම තරගය නවි මුම්බායිහි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ අද (30) පැවැත්විණි.

මෙහිදී ඔස්ට්‍රේලියාවෙන් හිමි වූ ලකුණු 339ක දැවැන්ත ඉලක්කය කඩුලු 5ක් දැවී තිබියදී තරගයේ 49(48.3)වන පන්දුවාරයේදී පසුකර යෑමට ඉන්දියාවට හැකිවිය. ඉන්දීය ජයග්‍රහණයේ නියමුවරිය වූ ජෙමිමා රොඩ්‍රිගස් නොදැවී ලකුණු 127ක් රැස්කළාය. 

ඊට අමතරව නායකා හර්මන්ප්‍රීත් කෝර් අගනා ලකුණු 89ක් රැස්කළ අතර, ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ලට පන්දු 156කදී ලකුණු 167ක සබඳතාවක්ද පැවැත්වූහ. මෙහි ඊයේ පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය පරාජය කර දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ඒ අනුව වසර 52ක (1973 සිට) ඉතිහාසයක් ඇති එක්දින කාන්තා ලෝක කුසලානයේ පළමුවරට එංගලන්තය හෝ ඔස්ට්‍රේලියාව නොමැති අවසන් මහා තරගයක් මෙවර පැවැත්වේ. ඉන්දියාව මීට පෙර 2005 හා 2017 වර්ෂයන්හිද අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා තිබුණි. කෙසේ නමුත් දකුණු අප්‍රිකාව මෙවර එම අවස්ථාව හිමිකරගත්තේ පළමුවරටය. අවසන් මහා තරගය එළැඹෙන ඉරිදා (5) මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026