Skip to content
V
ඉන්දීය මගී ප්‍රවාහන යාත්‍රාවක් හා නාවික යාත්‍රාවක් ගැටී 13ක් මරුට
featured news - උණුසුම් පුවත්

ඉන්දීය මගී ප්‍රවාහන යාත්‍රාවක් හා නාවික යාත්‍රාවක් ගැටී 13ක් මරුට

By News Room · 19 December 2024

ඉන්දියාවේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මගී ප්‍රවාහන යාත්‍රාවක එරට නාවික හමුදා බෝට්ටුවක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයින් අතර ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදාළ නාවික යාත්‍රාවට වේගය පාලනය කරගත නොහැකිව මගී ප්‍රවාහන නෞකාවේ ගැටී තිබේ. අනතුරෙන් මගී යාත්‍රාවේ සිටි පුද්ගලයින් සිය දෙනෙකුට අධික පිරිසක් මුදා ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව වාර්තා වේ.

නාවික යාත්‍රාවේ එන්ජිමේ සිදූවු දෝෂයක් මෙම අනතුරට හේතු වී ඇති බවට අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්ය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026