Skip to content
V
ඉන්දීය මගී ගුවන් යානා 10 කට බෝම්බ තර්ජන
featured news - උණුසුම් පුවත්

ඉන්දීය මගී ගුවන් යානා 10 කට බෝම්බ තර්ජන

By News Room · 16 October 2024

ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 

ඉන්දියාවේ සිට සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා පියාසර කළ එක් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන්  මගී ගුවන් යානයක් සිංගප්පූරු ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානාවල ආරක්ෂාව යටත්, ජනාකීර්ණ පළාත්වලින් ඉවතට ගෙන යමින්,ගුවන්තොටුපොළේ හුදෙකලා ගුවන් පථයකට ගොඩ බෑ බව ද වාර්තා වේ.

මීට අමතරව, ජායිපූර් සිට අයෝධ්‍යාව හරහා බැංගලෝර් දක්වා යන ගුවන් යානයකට, බැග්ඩෝග්‍රා සිට බැංගලෝර් බලා යන ගුවන් යානයකට, දිල්ලි සිට චිකාගෝ බලා යන ගුවන් යානයකට, සෞදියේ සිට ලක්නව් බලා යන ගුවන් යානයකට, අම්රිත්සාර් සිය ඩේරාඩුන් යන යානයකට, මදුරෙයි සිට සිංගප්පූරුව දක්වා යන යානයකට මෙසේ සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වුණු බව වාර්තා වේ.

මෙම යානා සියල්ල ගුවන්තොටුපොළවලට ආරක්ෂිතව ගොඩබෑ බවත්, මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඒවායින් ඉවත් කර සෝදිසි කෙරුණත් පුපුරන ද්‍රව්‍ය හෝ බෝම්බ හෝ හමුනොවුණු බවත් පැවැසෙයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026