Skip to content
V
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද දිවයිනට
featured news - උණුසුම් පුවත්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද දිවයිනට

By News Room · 4 April 2025

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (4) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 'සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්' යන සංකල්පය තහවුරු කරමින් ඉන්දීය අග්‍රමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වේ. අග්‍රාමාත්‍යවරයා පිළිගැනිමේ නිල උත්සවය හෙට (5) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම සංචාරයේදී නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාව සමග ද්වීපාර්ශවික සාකච්ඡාවල නිරත වේ. එමෙන්ම බලශක්ති, ඩිජිටල්කරණ, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළව ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට නියමිතව ඇත. මෙහිදී ඉන්දීය සහයෝගීත්වයෙන් ඉදිවන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යයාපෘතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට නියමිත බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම සංචාරයේදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදාගැනීමට නියමිතව ඇත. මේ අතර නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද සකස්කර තිබේ.

ඒ අනුව අද ප.ව. 6 සිට රාත්‍රී 10 දක්වා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය මෙන්ම බේස්ලයින් මාර්ගය ද වරින්වර වසා තැබීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026