Skip to content
V
ඉන්දුනීසියාවේ මගී නෞකාවක් ගිලී යාමෙන් 4ක් ජීවිතක්ෂයට; 38ක් අතුරුදන්
featured news - උණුසුම් පුවත්

ඉන්දුනීසියාවේ මගී නෞකාවක් ගිලී යාමෙන් 4ක් ජීවිතක්ෂයට; 38ක් අතුරුදන්

By News Room · 3 July 2025

ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් මේ වන විට සිව්දෙනෙකු මියගොස් 38 දෙනෙකු අතුරුදහන් වී 23 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බව වාර්තා වේ. නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් ඊයේ (02) බාලි බලා මෙම මගී නෞකාව පිටත්ව ගොස් ඇත.

ගමන ආරම්භ කර පැය භාගයකට පමණ පසු මෙම නෞකාව පෙරළි ගිලී ගොස් ඇති සඳහන් වේ. බෝට්ටුවේ මගීන් 53 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිට ඇති අතර එම නෞකාවේ ට්‍රක් රථ 14ක් ඇතුළුව රථ වාහන 22 ක් ද තිබී ඇති බව වාර්තා වේ. අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු සිදුවෙමින් පවතින නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි බාධා එල්ල වී බව සඳහන් වේ.

දූපත් 17,000 කට වඩා වැඩි දූපත් සමූහයක් වන ඉන්දුනීසියාවේ මෙම මගී නෞකා සාමාන්‍ය ප්‍රවාහන ක්‍රමයක් වන අතර, ප්‍රමාණවත් ජීවිතාරක්ෂක උපකරණ නොමැතිව මෙම නෞකා යාත්‍රා කරන අතර දැරිය නොහැකි තරමට බර පටවා ගැනීම හේතුවෙන් අනතුරු බහුලව සිදු වන බව සඳහන් වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026