Skip to content
V
ඉදිරි මාස තුන ඇතුළත වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹීමට සැලසුම්
featured news - උණුසුම් පුවත්

ඉදිරි මාස තුන ඇතුළත වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹීමට සැලසුම්

By News Room · 9 February 2026

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) විසින් ඉදිරි මාස තුන ඇතුළත වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, ටෙන්ඩර් පටිපාටියක් හරහා මෙම කාර්යය පෞද්ගලික සමාගමකට පවරා ඇති අතර, එම සමාගම මේ වන විට මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සූදානම් කිරීම් සිදු කරමින් සිටින බවයි සඳහන් වන්නේ.

මුද්‍රණ කටයුතු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ප්‍රධාන කාර්යාලයේදී සිදු කිරීමට නියමිත අතර, මුල් අදියරේදී වාහන 400,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නව අංක තහඩු නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026