Skip to content
V
ඉතිහාසයේ වැඩිම පක්ෂවලින් සමන්විත සන්ධානය සමගි ජන සන්ධානය?
featured news - උණුසුම් පුවත්

ඉතිහාසයේ වැඩිම පක්ෂවලින් සමන්විත සන්ධානය සමගි ජන සන්ධානය?

By News Room · 13 August 2024

ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළකිරීම වෙනුවෙන් සමගි ජන සන්ධානයට තවත් දේශපාලන පක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් අද (13) දිනයේ එක්වීමට නියමිතව තිබේ.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ, මෙරට ඉතිහාසයේ වැඩිම පක්ෂවලින් සමන්විත සන්ධානය සමගි ජන සන්ධානය බවය.

ඒ අනුව ඉදිරියේ දී ද තවත් පක්ෂ සහ කණ්ඩායම් සිය සන්ධානය සමඟ එක්වීමට නියමිත බව රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"පහුගිය 8 වෙනිදා මේ රටේ බිහිවුණ ශක්තිමත්ම සන්ධානයක් පිහිටවුවා. අපිත් සමග තවත් ක්‍රියාකාරී දේශපාලන පක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් සන්ධානගත වෙනවා. මේක දිගින් දිගටම සිදුවෙයි. ඉතිහාසයේ මේ රටේ ශක්තිමත්ම ආණ්ඩුව පිහිටුවන්න, ශක්තිමත්ම ජනාධිපතිවරයා පිහිටුවන්න මේ තුළින් අපිට අවකාශය ලැබෙනවා."

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026