Skip to content
V
ඉතියෝපියාවේ Hayli Gubbi ගිනි කන්ද වසර 12,000කට පසු පුපුරා යයි
featured news - උණුසුම් පුවත්

ඉතියෝපියාවේ Hayli Gubbi ගිනි කන්ද වසර 12,000කට පසු පුපුරා යයි

By News Room · 26 November 2025

ඉතියෝපියාවේ ඊසානදිග කලාපයේ පිහිටි හේලි ගුබ්බි (Hayli Gubbi) ගිනි කන්ද වසර 12,000 කට පමණ පසු පළමු වරට පුපුරා ගොස් තිබෙනවා. මෙම පිපිරීම හේතුවෙන් පිට වූ අළු වලාකුළු රතු මුහුද හරහා යේමනය සහ ඕමානය දෙසට ගමන් කරමින් පවතින බවයි විදෙස් වාර්තා පවසන්නේ.  තවත් වාර්තාවකට අනුව, ඉන්දියාව සහ උතුරු පකිස්ථානය පුරා ද ව්‍යාප්ත වී තිබෙනවා. 

මිචිගන් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ගිනිකඳු විද්‍යාඥයෙකු සහ මහාචාර්යවරයෙකු වන සයිමන් කාන් තහවුරු කළේ, අවසාන අයිස් යුගය අවසන් වීමෙන් පසු වසර 12,000 කට පමණ පෙර ආරම්භ වූ යුගයේ සිට හේලි ගුබ්බි ගිනි කන්දෙහි කිසිදු පිපිරීමක් වාර්තා වී නොමැති බවයි. 

ස්මිත්සෝනියන් ආයතනයේ ගෝලීය ගිනිකඳු වැඩසටහන ද එම අදහස තහවුරු කර තිබුණා. ගිනි කන්ද පසුගිය ඉරිදා දින පැය ගණනාවක් පුරා පුපුරා ගියා. තවමත් එහි අළු විහිදුවමින් අහස වසා ගමන් කරන බව සඳහන්. 

හේලි ගුබ්බි ගිනි කන්ද පිහිටා ඇත්තේ ඉතියෝපියාවේ අෆාර් කලාපයේ, අඩිස් අබාබා නගරයට සැතපුම් 500 ක් පමණ ඊසාන දෙසින් එරිත්‍රියානු දේශසීමාව අසලයි. මෙම ගිනි කන්ද මීටර් 500 ක් පමණ උසකින් යුක්තයි.  භූ තැටි දෙකක් හමු වන භූගෝලීය වශයෙන් දැඩි ක්‍රියාකාරී කලාපයක් වන රිෆ්ට් නිම්නය තුළ පිහිටා තිබෙනවා. 

පිපිරීමෙන් සැතපුම් 9 (කිලෝමීටර් 14) දක්වා ඉහළට ඝන දුම් කඳු ඉහළ ගිය බව වාර්තා වුණා. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026