Skip to content
V
ඇෆ්ගනිස්ථානයේ බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

ඇෆ්ගනිස්ථානයේ බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 ක් ජීවිතක්ෂයට

By News Room · 20 August 2025

බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් 17 දෙනෙකු කුඩා ළමුන් බව විදෙස් මාධ්‍ය පවසයි. කාබුල් බලා යමින් සිටි බස් රථය ඊයේ (19) රාත්‍රියේ හේරාත් පළාතේදී ට්‍රක් රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

අනතුර සිදුවීමෙන් අනතුරුව බස් රථය ගිනි ගැනීමකට ද ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බස්රථයේ ගමන් ගත් මගීන්ගෙන් වැඩි දෙනෙකු ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් සංක්‍රමණිකයන් බව සඳහන්ය.

බස්රථයේ සිටි මගීන් සියලුදෙනාම මිය ගොස් ඇති අතර ට්‍රක් රථයේ සහ යතුරුපැදියේ පැමිණි දෙදෙනෙකු ද මිය ගොස් ඇත. හේරාත් පොලීසිය පවසන ලද්දේ බස්රථ රියදුරුගේ අධික වේගය සහ නොසැලකිල්ල හේතුවෙන් අනතුර සිදු වූ බවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026