Skip to content
V
ඇෆ්ගනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබි එක් දින පිටියෙන් සමුගනී
featured news - උණුසුම් පුවත්

ඇෆ්ගනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබි එක් දින පිටියෙන් සමුගනී

By News Room · 12 November 2024

ලබන වසරේ පාකිස්තානයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් පසුව තමන් ජාත්‍යන්තර එක්දින තරගවලින් සමුගන්නා බව ඇෆ්ගනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබි පවසනවා.

ඊයේ (11) සාජාහිදී බංග්ලාදේශයට එරෙහිව ඇෆ්ගනිස්ථානය 2-1 තරඟාවලි ජයග්‍රහණයෙන් පසුවයි ඔහු මේ පිළිබඳව පවසා සිටියේ.39 හැවිරිදි මොහොමඩ් නබි 2019 වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගනු ලැබුවා.

එහෙත් තවමත් ඔහු ඇෆ්ගනිස්තානය විස්සයි20 ක්‍රිකට් පිල නියෝජනය කරමින් සිටින අතර ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී නසීබ් ඛාන් මේ පිළිබඳව තහවුරුකර සිටියා. නබී යනු ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැඩිම එක්දින තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයායි. නබී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් මංගල එක්දින ක්‍රිකට් වරම් 2009 දී ස්කොට්ලන්තයට එරෙහිව දිනා ගත් අතර එක්දින තරග 167කට ක්‍රීඩා කරමින් ලකුණු 3600 ක් ලබා ගෙන තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026