Skip to content
V
ඇළකට වැටී දැරියක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

ඇළකට වැටී දැරියක් ජීවිතක්ෂයට

By News Room · 27 July 2025

දිඹුලපතන පොලිස් වසමේ රොසිටා වත්ත ප්‍රදේශයේදී නිවසක් ආසන්නයේ ඇති ඇළ මාර්ගයකට වැටී කුඩා දැරියක්  මියගොස් තිබේ. ඊයේ (26) උදෑසන කාලයේ මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 04ක් වූ රොසිටා වත්ත, කොටගල ප්‍රදේශයේ පදිංචිව සිටි සිඟිත්තියකි. මෘත ශරීරය දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දිඹුලපතන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර පසුගිය 26 වන දින දහවල් කාලයේ පොළොන්නරුව පොලිස් වසමේ පත්තිනි පෙදෙස 02 ප්‍රදේශයේදී ඇති ඇල මාර්ගයක දිය නෑමට ගිය පුද්ගලයෙකු දියට වැටී මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, නවනගරය, මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 38  හැවිරිදි පුද්ගලයෙකි. පොළොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026