Skip to content
V
ඇල්ල වන රක්ෂිතයට ගිනිතැබූ පුද්ගලයකු දැලේ
featured news - උණුසුම් පුවත්

ඇල්ල වන රක්ෂිතයට ගිනිතැබූ පුද්ගලයකු දැලේ

By News Room · 26 September 2024

ඇල්ල කිතල්ඇල්ල වන රක්ෂිතයට සහ කිනලන් ෆයිනස් වගාවට හොර රහසේ ගිනිතැබූ පුද්ගලයකු අද (26) සැකපිට අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්ල කිනලන් වත්ත ලැයිම් අංක 13 හි පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු යැයි පොලිසිය කීය.

පවතින අධික වියලි දේශගුණික තත්ත්වයත් සමඟ මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයේ විවිධ පුද්ගලයන් විසින් ප්‍රදේශ රැසක වන රක්ෂිත, ලදු කැළෑ, පතන් වලට ගිනිතබා විනාශ කරන බවත් පොලිසිය පැවසීය.

ඇල්ල කිනලන් ෆයිනස් වගාව ට හොර රහසේ ඇතුලු වී මොහු ගිනිපෙට්ටියක් ද අතැතිව එම රක්ෂිතයට ගිනිතබන අවස්ථාවේ වන රක්ෂිතයේ රැකවලෙහි නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් මෙම සැකකරු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිණැයි පොලිසිය සදහන් කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026