Skip to content
V
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට දින නියම වෙයි
featured news - උණුසුම් පුවත්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට දින නියම වෙයි

By News Room · 12 September 2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා දින නියම වී තිබෙනවා.

එම මැතිවරණය ඔක්තෝම්බර් 26 වෙනිදා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද දහවල් 12ට අවසන් වුණා.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරගැනීම සිදුවූ අතර ඊට සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් නිදහස් පෙරමුණ යන ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම්ද නාමයෝජනා භාරදෙනු ලැබුවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ඇප තැන්පත් කිරීමේ කාලය දිනයෙන් අවසන් වූ අතර දේශපාලන පක්ෂ 10කින් සහ ස්වාධීන කණ්ඩායම් දෙකකින් ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026