Skip to content
V
ඇමෙරිකාවෙන් ග්‍රීන්ලන්තය ලබාගැනීමට විරුද්ධ වූ රටවල් 8කට ඇමරිකාවෙන් ආනයනික බදු
featured news - උණුසුම් පුවත්

ඇමෙරිකාවෙන් ග්‍රීන්ලන්තය ලබාගැනීමට විරුද්ධ වූ රටවල් 8කට ඇමරිකාවෙන් ආනයනික බදු

By News Room · 18 January 2026

ග්‍රීන්ලන්තය (Greenland) අමෙරිකාවට ලබාගැනීමේ උත්සාහයට විරෝධය පළ කරන ප්‍රංශය, ජර්මනිය සහ බ්‍රිතාන්‍යය ඇතුළු නේටෝ (NATO) සාමාජික රටවල් 8කට පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක ආනයනික බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් එකඟතාවයකට නොපැමිණියහොත්, ලබන ජූනි 01 වැනිදා සිට මෙම බදු ප්‍රතිශතය 25% දක්වා ඉහළ නැංවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි සඳහන්.

ඒ අනුව ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවල් මෙයට ඇතුළත්.

"ග්‍රීන්ලන්තය සම්පූර්ණයෙන්ම සහ මුළුමනින්ම මිලදී ගැනීම" (Complete and Total purchase) සඳහා වන ගිවිසුමකට එම රටවල් එකඟ වන තෙක් මෙම බදු පවතිනු ඇතැයි ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් පවසා තිබෙනවා.

අමෙරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් සහ ඔවුන් සැලසුම් කරන "ගෝල්ඩන් ඩෝම්" (Golden Dome) මිසයිල ආරක්ෂණ පද්ධතිය සඳහා ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම අත්‍යවශ්‍ය බව ට්‍රම්ප්ගේ මතයයි.

රුසියාව හෝ චීනය ග්‍රීන්ලන්තයේ බලය අල්ලා ගැනීමට පෙර අමෙරිකාව එය මිලදී ගත යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026