Skip to content
V
ඇමෙරිකා ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනාගේ පළමු සජීවී රූපවාහිනී විවාදය අද
featured news - උණුසුම් පුවත්

ඇමෙරිකා ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනාගේ පළමු සජීවී රූපවාහිනී විවාදය අද

By News Room · 11 September 2024

ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතරේ පළමු සජීවී රූපවාහිනී විවාදය අද (11) ආරම්භ වෙයි. 

ඇමෙරිකන් දේශපාලනයේ ප්‍රධාන පක්ෂ දෙකකි. හිටපු ජනාධිපතිවරයකු වන ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයාය.වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාවය. ජනාධිපතිවරණයට පෙර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරේ සජීවී රූපවාහිනී විවාද පැවැත්වීම, ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදායකි. අද (11) දින එම විවාදය මෙහෙයවීම සිදු කරනු ලබන්නේ ඇමෙරිකාවේ ABC නාළිකාවය.  ට්‍රම්ප් සහ කමලා හැරිස්  දේශපාලන වේදිකාවක මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. අපේක්ෂකයන් දෙදෙනාම එකිනෙකාට පරිභව කරමින්, එකිනෙකා විවේචනය කර ගැනීමට නියමිත බව ද පැවැසෙයි.විවාදයේ දී කමලා හැරිස් මානසිකව අසරණ කිරීම ට්‍රම්ප්ගේ අරමුණ වන අතර, ඕනෑම දෙයක් කියන්න ඉඩ දී ට්‍රම්ප් අමාරුවේ දමා,ජනාතා අප්‍රසාදය ඔහු වෙත එල්ල වනු දැකීම කමලා හැරිස්ගේ අරමුණ වන බව ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

59 හැවිරිදි කමලා හැරිස් නොවැම්බර් 5 වැනිදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත්, ඇමෙරිකන් ජනාධිපතිධුරයට පත්වන පළමු කාන්තාව වනු ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026