Skip to content
V
ඇමරිකාවට චීනයෙන් අනතුරු ඇඟවීම්
featured news - උණුසුම් පුවත්

ඇමරිකාවට චීනයෙන් අනතුරු ඇඟවීම්

By News Room · 28 August 2024

දකුණු චීන මුහුදේ උත්සන්න වන ආතතීන් මධ්‍යයේ, කලාපය තුළ පිලිපීනයේ ක්‍රියා අනුමත කිරීමෙන් හෝ අනුබල දීමෙන් වළකින ලෙස බල කරමින් චීනය එක්සත් ජනපදයට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

දෙදින සංචාරයක් සඳහා චිනයට පැමිණ සිටින අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් හමුවූ අවස්ථාවේදී චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මෙම අදහස් පළ කළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චීනය දකුණු චීන මුහුදේ දූපත් සහ සමුද්‍ර අයිතීන් සහ අවශ්‍යතා පිළිබඳ තම භෞමික ස්වෛරීභාවය දැඩි ලෙස ආරක්ෂා කරන බවත් ඔහු එහි දී අමෙරිකාවට දන්වා තිබෙනවා.

එබැවින් සැබෑ අයිතිය වෙනුවෙන් සෑමවිටම පෙනී සිටින බවයි චීනය අවධාරණය කර ඇත්තේ.

චීනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවයට එක්සත් ජනපදය බාධා නොකළ යුතු බවද චීනය පවසා ඇති බවද සඳහන්.

එක්සත් ජනපදය ද්විපාර්ශ්වික ගිවිසුම්වල කඩතුරාව මත චීනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව අඩපණ නොකළ යුතු අතර,චීනයේ අයිතීන් උල්ලංඝනය කිරීමේ පිලිපීනයේ ක්‍රියාවන් අනුමත කිරීම හෝ අනුමත කිරීම නොකළ යුතු බව ද චීනය අනතුරු අගවා තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026