Skip to content
V
ඇමරිකා - ඉරාන ඓතිහාසික සාකච්ඡා හෙට ස්විට්සර්ලන්තයේදී
featured news - උණුසුම් පුවත්

ඇමරිකා - ඉරාන ඓතිහාසික සාකච්ඡා හෙට ස්විට්සර්ලන්තයේදී

By News Room · 18 June 2026

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමකින් පසුව, දෙරට අතර මූලික සාකච්ඡා හෙට (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් (Buergenstock)හි පැවැත්වීමට සැලසුම් කර ඇති බව ස්විට්සර්ලන්ත පවසයි.

අමෙරිකාව සහ ඉරානය අතර අත්සන් කරන ලද සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මූලික සාකච්ඡා පැවැත්වීම මෙහි අරමුණයි. මෙම සාකච්ඡා සඳහා මෙම රටවල් දෙකට අමතරව මැදිහත්කරුවන් ලෙස කටාර් රාජ්‍යය සහ පකිස්ථානය ඇතුළු තවත් සම්බන්ධිත රටවල් කිහිපයක් සහභාගී වීමට නියමිතය.

මේ අතර, මෙම රැස්වීම පැවැත්වෙන කාලසටහන හෝ එහි අඩංගු සවිස්තරාත්මක කරුණු පිළිබඳව මෙතෙක් වෙනත් කිසිදු තොරතුරක් අනාවරණය කර නොමැති බව ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යාංශය පවසා තිබේ.

මේ අතර මැදපෙරදිග කලාපය වෙළාගත් දරුණු යුද්ධය අවසන් කිරීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපතිවරයා ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට ඊයේ අත්සන් තබා ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026