Skip to content
V
ඇප ඉල්ලා ලොහාන් රත්වත්තේ ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාදීකරණය ඉල්ලා අස්කර ගනී
featured news - උණුසුම් පුවත්

ඇප ඉල්ලා ලොහාන් රත්වත්තේ ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාදීකරණය ඉල්ලා අස්කර ගනී

By News Room · 9 December 2024

ඉකුත්දා මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ  මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාදීකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තේය.

මෙම පෙත්සම අද (09) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී ලොහාන් රත්වත්තේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා අධිකරණයට දන්වා සිටියේ, තම සේවාදායකයාට මේ වන විට ඇප ලැබී ඇති බවය. 

ඒ අනුව මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026