Skip to content
V
ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට
featured news - උණුසුම් පුවත්

ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

By News Room · 17 March 2026

ආසියානු වෙළෙඳපොළේ අද (17) පෙරවරුව වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල 2.8%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 103.08ක් ලෙස වාර්තා වී තිබේ.

එමෙන්ම අමෙරිකානු බොරතෙල් මිලද 3%කින් පමණ ඉහළ ගොස් ඩොලර් 96.25ක් ලෙස සටහන් ව ඇති බවද සඳහන් වේ. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා කිහිපයක් ආරක්ෂිතව ගමන් කර ඇති බවට වාර්තා වීමත් සමග ඊයේ (16) දිනයේ තෙල් මිල සුළු වශයෙන් පහත වැටුණි.

මේ අතර බලශක්ති අවශ්‍යතා සඳහා ගල්ෆ් කලාපයේ තෙල් මත යැපෙන ජපානය සහ දකුණු කොරියාව ඇතුළු ආසියානු කොටස් වෙළෙඳපොළ දර්ශක අද (17) සුළු වශයෙන් ඉහළ අගයකින් ආරම්භ විය. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026