Skip to content
V
ආසියානු තෙල් මිල කැපීපෙනෙන ලෙස පහළට
featured news - උණුසුම් පුවත්

ආසියානු තෙල් මිල කැපීපෙනෙන ලෙස පහළට

By News Room · 25 May 2026

ඉරානය සමග සාකච්ඡා කර ඇති ගිවිසුම අවසන් අදියරේ පවතින බැවින් එහි කොටසක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයත් සමග ආසියානු බොර තෙල් මිල කැපී පෙනෙන ලෙස අඩුවී තිබේ.

ඒ අනුව අද (25) උදෑසන වනවිට බ්‍රෙන්ට් මිල 5%කින් පහළ ගොස් ඩොලර් 97.90ක් වී ඇත. එමෙන්ම අමෙරිකානු WTI බොරතෙල් මිල 5.3%කින් පහළ ගොස් ඩොලර් 90.93ක් ලෙස සටහන්ව තිබේ.

කෙසේ නමුත් මර්බන් බොරතෙල් මිල 0.06%කින් ඉහළගොස්  ඩොලර් 102.21ක් වී ඇත. මේ හේතුවෙන් ආසියානු කොටස් වෙළෙඳපොළ රැසක් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව ජපානයේ නිකේ 225 කොටස් දර්ශකය පළමු වරට 65,000 සීමාව ඉක්මවා ගොස් ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026