Skip to content
V
ආර්ථික සංගණනයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
featured news - උණුසුම් පුවත්

ආර්ථික සංගණනයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

By News Room · 29 April 2025

2025 වර්ෂයේදී කෘෂිකාර්මික කටයුතු සහ 2026 වර්ෂයේදී කෘෂිකාර්මික නොවන කටයුතු ගණන් ගැනීම ආවරණය වන පරිදි ආර්ථික සංගණනයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2013/14 වර්ෂයන්හිදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට ආර්ථික සංගණනය පවත්වා තිබේ. 

එම සංගණනයේදී රැස් කරන ලද දත්ත යාවත්කාලීන කිරිම සඳහා කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් වෙන වෙනම අදියර දෙකකින් ආවරණය වන පරිදි, 2025 සහ 2026 යන වර්ෂයන්හි දී ආර්ථික සංගණනය පැවැත්වීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. 

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් එලෙස අනුමැතිය ලබාදී තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026