Skip to content
V
ආපදාවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 635ක් දක්වා ඉහළට; 192ක් අතුරුදන්
featured news - උණුසුම් පුවත්

ආපදාවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 635ක් දක්වා ඉහළට; 192ක් අතුරුදන්

By News Room · 8 December 2025

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 635ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (08) මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 192ක් තවමත් අතුරුදන්ව ඇත.

පවුල් 512,123කට අයත් පුද්ගලයින් 1,766,103ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 234ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 90ක් ,කුරුණෑගලින් මරණ 61ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 32ක්, පුත්තලමෙන් මරණ 37ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28ක් වාර්තා වී ඇත. එමෙන්ම පවුල් 22,218ක පුද්ගලයින් 69,861ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026