Skip to content
V
ආපදාවෙන් මරණයට පත් වූ හෝ අතුරුදන් වූවන්ගේ මරණ ලියාපදිංචි කිරීමට පියවර
featured news - උණුසුම් පුවත්

ආපදාවෙන් මරණයට පත් වූ හෝ අතුරුදන් වූවන්ගේ මරණ ලියාපදිංචි කිරීමට පියවර

By News Room · 9 December 2025

'දිට්වා' සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් සිදු වූ නායයෑම් සහ ගංවතුර නිසා මරණයට පත් වූ හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය ප්‍රතිපාදන මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, මෙම ව්‍යසනයෙන් යම් පුද්ගලයෙකුගේ ඥාතියෙකු හෝ හිතමිතුරන් අතුරුදහන්ව ඇති බවට වාර්තා වී ඇත්නම්, එම අතුරුදන් වූ තැනැත්තන්ගේ මරණ ලියාපදිංචිය සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකසා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ පරිපාලන දිස්ත්‍රික්ක වශයෙන් මරණ ලියාපදිංචි කිරීමේ තාවකාලික විධිවිධාන පනතට අනුව දෙසැම්බර් මස 02 වන දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති බවත්, මෙම ව්‍යසනය යටතේ අතුරුදන් වූ තැනැත්තෙකුගේ මරණය ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලා සිටින්නේ යම් තැනැත්තෙකු නම්, ඒ තැනැත්තා පුරුද්දක් ලෙස වාසය කළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙත තොරතුරු සහිත ඉල්ලුම්පත්‍රයක් සහ එම කරුණු තහවුරු කරනු ලබන දිවුරුම් ප්‍රකාශයක් සමඟ ඉදිරිපත් කළ යුතු බවයි සඳහන් වෙන්නේ.

ග්‍රාම නිලධාරීවරයා විසින් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කරන අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ අදාළ ග්‍රාම නිලධාරී කාර්යාලයේ සති දෙකක් කාලයක් විරෝධතා සඳහා එය ප්‍රදර්ශනය කළ යුතු බවත්, විරෝධතා නොමැති නම් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අනුමැතිය සඳහා රෙජිස්ටාර් ජනරාල් විසින් බලය පවරන ලද කලාප භාර නියෝජ්‍ය හෝ සහකාර රෙජිස්ටාර් ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතු බවයි සඳහන් වෙන්නේ.

මේ යටතේ, යම් පුද්ගලයෙකු දක්නට නොමැති බවට වූ සහතිකයක් ඉල්ලීම් කර ඇති විට, ඉහත පරිදි අයදුම්පත් භාර ගෙන නිසි පරීක්ෂණ කටයුතු සිදු කර, ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දක්නට නොමැති බවට වූ සහතිකයක් නිකුත් කිරීමට ද උපදෙස් ලබා දී ඇති බවයි රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026