Skip to content
V
ආපදාවට ලක් වූ කර්මාන්තකරුවන් 53කට රුපියල් මිලියන 106.2ක මුදලක්
featured news - උණුසුම් පුවත්

ආපදාවට ලක් වූ කර්මාන්තකරුවන් 53කට රුපියල් මිලියන 106.2ක මුදලක්

By News Room · 24 December 2025

"දිට්වා" සුළි කුණාටුව සමඟ ඇති වූ දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ කර්මාන්ත නැවත යථාවත් කිරීමෙහි මූලික පියවරක් ලෙස රජය විසින් ලබා දෙන රුපියල් ලක්ෂ 2 ක මුදල මුල් අදියර යටතේ කර්මාන්ත 531 කට ලබා දීමට මේ වන විට පියවර ගෙන ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව “දිට්වා” සුළි කුණාටුවෙන් පූර්ණ හෝ අර්ධ හානියට පත් වූ ව්‍යාපාර හඳුනා ගැනීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද දත්ත පද්ධතිය මඟින් මේ වන විට දිවයින පුරා ආපදාවට ලක් වූ කර්මාන්තකරුවන් 10,000 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අතරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තහවුරු කරගත්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලියාපදිංචි කර්මාන්තකරුවන් 531 දෙනෙක් අතරේ, රුපියල් මිලියන 106.2 ක මුදලක් බෙදා හැරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට ගම්පහ, කොළඹ, මන්නාරම, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කෑගල්ල, මොණරාගල, බදුල්ල, පොළොන්නරුව, රත්නපුර හා අනුරාධපුරය යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිදහස් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026