Skip to content
V
ආපදාවට පත්වූවන්ගේ නිවාස පිරිසිදු කටයුතු සඳහා රු. 25,000/- ක මුදලක් රජයෙන්
featured news - උණුසුම් පුවත්

ආපදාවට පත්වූවන්ගේ නිවාස පිරිසිදු කටයුතු සඳහා රු. 25,000/- ක මුදලක් රජයෙන්

By News Room · 2 December 2025

ආපදාවෙන් විපතටපත් ජනතාවගේ ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ලබාදෙන මූල්‍යමය ආධාර වැඩිකිරීමට රජය පියවර ගත් බව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම ප්‍රකාශ කරනවා.

ඒ අනුව විපතට පත්වී සිටින ජනතාවට කඩිනමින් ඔවුන්ගේ නිවාස වෙත ගොස් ඒවා පිරිසිදු කොට යළි පදිංචිවීම සඳහා රුපියල් 25,000ක මුදලක් ලබාදීමට රජය තීරණය කළ බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරනවා.

ඊට පෙර ඒ සඳහා එක පවුලකට වෙන්කර තිබුණේ රුපියල් 10,000ක් බවද හර්ෂණ සුරියප්පෙරුම ප්‍රකාශ කරනවා.

විපතට පත් ජනතාව කඩිනමින් යළි පදිංචි කිරීමේ වැඩසටහන යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් අනුව මේ සඳහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලැබුණු බවද මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කරනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ආරක්ෂක ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම මුදල් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මෙම ක්‍රියාමාර්ග ගත් බවද මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කරයි. ඒ අනුව මේ සඳහා රුපියල් බිලියන 7.5ක් මූලික පියවරක් ලෙස වෙන්කර ඇති බවද මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා කියා සිටිනවා.

ඊට අමතරව ආපදාවකට ලක්වී සිටින එක පවුලක් වෙනුවෙන් රුපියල් 3600 ක මුදලක් වෙන්කර තිබුණද පවුලේ සාමාජිකයින් ගණනද සැළකිල්ලට ගෙන එක් පවුලක් වෙනුවෙන් එම මුදල රුපියල් 10,500 දක්වා වැඩිකිරීමට තීරණය කළ බවද ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම සඳහන් කරනවා.

මෙම කටයුතු කඩිනමින් සිදුකිරීම සඳහා අදාළ ග්‍රාමසේවක නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026