Skip to content
V
ආපදා තත්ත්වයට පත් වූ පහළ කඩුගන්නාව  ප්‍රදේශය යථා තත්ත්වයට පත් කිරීමට පියවර
featured news - උණුසුම් පුවත්

ආපදා තත්ත්වයට පත් වූ පහළ කඩුගන්නාව ප්‍රදේශය යථා තත්ත්වයට පත් කිරීමට පියවර

By News Room · 23 November 2025

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඊයේ (22) ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ප්‍රදේශය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට යුද හමුදාව මැදිහත් වී කටයුතු කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඉදිරි පැය 24 ක කාලය තුළදීත් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමීමට පියවර ගෙන ඇති බවයි එම සංවිධානය පවසා සිටියේ.

ඒ අනුව, අදාළ මාර්ගය භාවිත කරන රියදුරන් මේ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසට දන්වා ඇති අතර, මෙම නායයෑම් ප්‍රදේශය නැරඹීම සඳහා සාමාන්‍ය ජනතාව පැමිණීමෙන් වැළකී සිටින ලෙසට කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා දන්වා ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.

හෙට (24) දින පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා මහනුවර ප්‍රදේශයට සහ කඩුගන්නාව ප්‍රදේශය වෙත යන දරුවන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම මාවනැල්ල සහ කඩුගන්නාව ඩිපෝ මගින් ආරක්ෂිතව සිදු කර දීමට කටයුතු යොදා ඇතැයි වැඩිදුරටත් සඳහන්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026