Skip to content
V
ආනයනික සහල් ලබන සතියේ ලංකාවට
featured news - උණුසුම් පුවත්

ආනයනික සහල් ලබන සතියේ ලංකාවට

By News Room · 8 December 2024

ආනයනික සහල් ලබන සතියේ මෙරටට ලැබෙනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සංගමය පවසනවා.

මතුව ඇති සහල් හිගයට පිළියමක් ලෙස මෙට්‍රික්ටොන් 70,000ක උපරිමයකට යටත්ව සහල් ආනයනය කිරීමට පසුගියදා රජය තීරණය කළා.

ආනයනික සහල් වලින් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇනවුම් කර ඇති අතර ඒ අනුව එම සහල් තොග රැගත් නෞකා ඉදිරි සතිය තුළ දිවයිනට පැමිණෙනු ඇති.

සහල් සඳහා පනවා තිබූ ආනයනික බදු සංශෝධනය කරමින් දෙසැම්බර් මස 04 වන දින සිට 20 වන දින දක්වා කාලය තුළ සහල් ආනයනය සඳහා අවසර ලබාදෙමින් රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කළා.

මේ අතර ආනයනය කරනු ලබන සහල් කඩිනමින් පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් වරායට පැමිණෙන නෞකාවල පවතින සහල් පැය 04 ක් ඇතුළත ඉන් නිදහස් කිරිමට කටයුතු කරන බව රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ ප්‍රකාශ කළා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026