Skip to content
V
ආනයනය කළ පළමු ලුණු තොගය අද දිවයිනට
featured news - උණුසුම් පුවත්

ආනයනය කළ පළමු ලුණු තොගය අද දිවයිනට

By News Room · 27 January 2025

ඉන්දියාවෙන් ආනයනය කළ මෙට්‍රික් ටොන් 1,485ක පළමු ලුණු තොගය අද (27)  දිවයිනට ගෙනවිත් තිබේ. සාමාන්‍ය පරිභෝජනය සඳහා මෙරටට ලුණු ආනයනය කිරීමට තීරණය කර තිබුණේ වසර 15කට පමණ පසුව වීම විශේෂත්වයකි.

පසුගිය කාලයේ මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය ලුණු කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල විය. එම නිසා මෙරට ලුණු පරිභෝජන අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් තරම් ලුණු නොමැතිවූ අතර ඒ හේතුවෙන් ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතියක් ගෙන තිබුණි. පෙබරවාරි 28 වැනි දින දක්වා ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව රජය පවසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026