Skip to content
V
ආගමන විගමන පාලක රිමාන්ඩ් බාරයට
featured news - උණුසුම් පුවත්

ආගමන විගමන පාලක රිමාන්ඩ් බාරයට

By News Room · 25 September 2024

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියම කළේය.

අධිකරණයට අපහාස කළ බවට හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහි චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛාධිකාරීවරයා විසින් විවෘත අධිකරණයේදී ඔහුට බාරදී කියවා දීමෙන් අනතුරුව අදාළ චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව පැවසීමෙන් අනතුරුව නඩුව විභාග කිරීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාගය අවසන් වනතුරු ඔහු රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට නියම කළේය.

නීතීයේ උත්තරීතරම ආයතනය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඒ පිළිබඳ නිහඬව සිටීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නැති බව පෙන්වා දෙමින් නඩු විභාගය අවසන් වනතුරු ඔහු රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල නඩු විභාගය ලබන වසරේ ජනවාරී 22 වැනිදා ආරම්භ කිරීමට තීරණය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026