Skip to content
V
අස්වැසුම දෙවන අදියර සඳහා සංගණන කටයුතු හෙට සිට
featured news - උණුසුම් පුවත්

අස්වැසුම දෙවන අදියර සඳහා සංගණන කටයුතු හෙට සිට

By News Room · 20 January 2025

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. දෙවන අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 08කට ආසන්න ගණනක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී තිබේ.

ඒ අනුව එම අයදුම්පත් අතරින් අස්වැසුම ප්‍රතිලාභය ලැබීම සඳහා සුදුසුකම් ලබන පිරිස තොරා ගැනීමේ අරමුණින් නිවෙස් වෙත ගොස් මෙම සංගණන කටයුතු සිදුකිරීමට නියමිත බව සඳහන් වේ. අස්වැසුම පළමු අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 34ක ප්‍රමාණයක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී තිබු අතර ඉන් ලක්ෂ 18කට ආසන්න ප්‍රමාණයක් අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලබා තිබුණි. කෙසේ වෙතත් මේ වන විට ප්‍රතිලාභීන් දාහත්ලක්ෂ 20,000කට ආසන්න ප්‍රමාණයක් සඳහා අස්වැසුම ප්‍රතිලාභ ලබා දෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය  පවසයි.

මෙහිදී කාණ්ඩ 04ක් යටතේ ප්‍රතිලාභ මුදල් හිමිවන අතර අන්ත දුප්පත් කාණ්ඩය සඳහා රුපියල් 17,500ක මුදලක් ද, දුප්පත් යන කාණ්ඩය සදහා රුපියල් 10,000ක මුදලක් ද, අවදානම් සහ සංක්‍රාන්ති යන කාණ්ඩ දෙක සදහා රුපියල් 5000 බැගින් මාසිකව අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබා දීම සිදුකෙරේ. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026