Skip to content
V
අසාධ්‍ය තත්ත්වයේ සිටි ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

අසාධ්‍ය තත්ත්වයේ සිටි ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට

By News Room · 23 April 2025

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඊයේ  (22)  රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය. ඩෑන් ප්‍රියසාද් මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ රාත්‍රියේ සඳහන් කර සිටියේය.

කෙසේවෙතත් පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ෙසඳහන් කළේ වෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද්, මියගොස් නොමැති බව සහ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. අනතුරුව අද උදෑසන පොලිස් මාධ්‍ය කොට්ඨාස විසින් තහවුරු කර තිබුණේ වෙඩි වැදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් මියගොස් ඇති බවය.

වෙඩි ප්‍රහාර දෙකක් ඩෑන් ප්‍රියසාද්ගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026