Skip to content
V
අල්ලස් වැටලීම් අත්තිකාරම් ප්‍රතිශෝධනය කරයි
featured news - උණුසුම් පුවත්

අල්ලස් වැටලීම් අත්තිකාරම් ප්‍රතිශෝධනය කරයි

By News Room · 22 October 2024

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන වැටලීම් සඳහා මුදල් ලබා දීම පිණිස වැටලීම් අත්තිකාරම් ගිණුමක් පවත්වා ගෙන යනු ලබන අතර, එම අත්තිකාරම් ගිණුමේ උපරිම වියදම සීමාව රුපියල් මිලියන 50කි.

 අල්ලස් වශයෙන් ලබා දෙන මුදල නිශ්චිතව තීරණය කළ නොහැකි බැවින් සහ දැනට ලැබෙන අල්ලස් පැමිණිලි වල ස්වභාවය අනුව අල්ලස් අයදින මුදල ඉතා ඉහළ අගයක් ගනු ලබන බැවින් අදාල උපරිම වියදම් සීමාව කඩිනමින් සංශෝධනය කළ යුතුව ඇත. 

ඒ අනුව, අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ උපරිම වියදම් සීමාව රුපියල් මිලියන 150 දක්වා වැඩි කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026