Skip to content
V
අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට හිටපු විපක්ෂ නායක හරින්ද්‍ර චානක රක්ෂිත බන්ධනාගාරයට
featured news - උණුසුම් පුවත්

අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට හිටපු විපක්ෂ නායක හරින්ද්‍ර චානක රක්ෂිත බන්ධනාගාරයට

By News Room · 26 March 2025

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. රජයේ රැකියා ලබාදෙන බව පවසා අල්ලස් ලෙස රුපියල් 200,000ක සහ රුපියල් 150,000ක මුදල් ඉල්ලා ලබාගැනීම සම්බන්ධව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ, මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක (එක්සත් ජාතික පක්ෂයේ) දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතාව විමර්ශන නිලධාරීන් විසින් අද (26) පෙරවරුවේදී අත්අඩංගුවට ගත් බවය.

සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලද අතර, එදිනට සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026