Skip to content
V
අල්ලස් ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

අල්ලස් ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

By News Room · 30 April 2025

රුපියල් 6,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීම හේතුවෙන් කරදියනාරු මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, මෙම සිද්ධියේ පැමිණිලිකාරියගේ ඉදිකරමින් පවතින නව නිවස පරීක්ෂා කර, එහි සැලසුම අනුමත නොකර ඉදිකිරීම වරදක් බවට පවසා, නීති මඟින් කටයුතු කළහොත් රු.50,000 ක දඩයක් නියම වන බවට සැකකරු විසින් පැමිණිලිකාරියට පවසා ඇති බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම සැකකරු පවසා ඇත්තේ එවැනි නීතිමය ක්‍රියාමාර්ග නොගෙන, නිවස ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සලසා, ඒ සඳහා සැකකරු විසින්ම සැලසුමක් ඇඳ එම සැලසුම අනුමත කර දීමට රු.12,000ක මුදලක් අවශ්‍ය බවයි.

ඉන්පසුව එකී මුදලින් රු.5,000ක් මුදලක් සැකකරු විසින් මුලින් ලබාගෙන ඇති අතර, පසුව ඉතිරි මුදලින් තවත් 6,000ක මුදලක් ලබා ගැනීමට සැකකරු පැමිණිලිකාරියගේ නිවසට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026