Skip to content
V
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
featured news - උණුසුම් පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

By News Room · 7 October 2024

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාරදී ඇත.

අධිකරණ සේවයට යළි එක්වීමට ඇති කැමැත්ත නිසා විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතාගේ පත්කිරීම නීතියට මෙන්ම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් මාධ්‍යවේදිනියක් සහ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පෙත්සමක් පවරා ඇති පසුබිමක කනිෂ්ක විජේරත්න මහතා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපතිවරයා වෙත මෙලෙස භාරදී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවු කනිෂ්ක විජේරත්න මහතා සිය ඉල්ලා අස්විමේ ලිපිය භාරදී ඇති බව වාර්තාවේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026