Skip to content
V
අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 462යි
featured news - උණුසුම් පුවත්

අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 462යි

By News Room · 21 April 2025

සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලබා ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩී. කහටපිටිය පවසනවා.

අප්‍රේල් 10 වැනිදා සිට 19 වැනිදා දක්වා ගෙවුණු දින 10 තුළ මෙම ආදායම ලබා ඇති බවයි සඳහන් වන්නේ. එම කාළය තුළ රථවාහන මිලියන 1.3ක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇති බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියා. අද දිනයේත් ගම්බිම් බලා ගිය ජනතාවගේ වාහන විශාල ප්‍රමාණයක් අධිවේගී මාර්ග භාවිතා කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026