Skip to content
V
අලුත් අවුරුදු නැකත් සම්පාදනයට නව වැඩපිළිවෙළක්
featured news - උණුසුම් පුවත්

අලුත් අවුරුදු නැකත් සම්පාදනයට නව වැඩපිළිවෙළක්

By News Room · 24 February 2025

එළැඹෙන 2026 වසරේ සිට සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයට නව වැඩපිළිවෙළක් දියත් කිරීමට අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි සහ ජ්‍යොතිෂ ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිසක් අතර පැවති සාකච්ඡාවකදී මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සිය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා මෙම ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිස අමාත්‍යාංශයේ මැදිහත්වීම ඉල්ලා ඇති අතර, 2025 වසරට අදාළ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සියල්ල මේ වනවිට ජනගත වී ඇති බැවින්, එහි වෙනස්කමක් සිදු කිරීම සඳහා කිසිදු බලපෑමක් සිදු නොකරන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

එහෙත් එළැඹෙන වසරේ සිට විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයටත්, ජ්‍යොතිෂ ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම අවශ්‍ය බවට ඔවුන් පෙන්වා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026