Skip to content
V
අලුත් අවුරුද්දට විශේෂ බස් රථ සේවා හෙට සිට
featured news - උණුසුම් පුවත්

අලුත් අවුරුද්දට විශේෂ බස් රථ සේවා හෙට සිට

By News Room · 7 April 2026

අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා ක්‍රියාත්මක විශේෂ ප්‍රවාහන සේවා හෙට (8) සිට ආරම්භ වනවා. ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ දුර පළාත් සඳහා දෛනිකව අමතර බස් රථ යෙදවීමට සැලසුම් කර ඇති බවයි. ඊට අමතරව මගී අවශ්‍යතාවය අනුව අමතර බස් රථ ධාවනයට එක්කරන බවද එම මණ්ඩලය සඳහන් කළා.

මේ අතර ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ද අ‍ලුත් අවුරුද්ද නිමිත්තෙන් අනිද්දා සිට විශේෂ බස් රථ යෙදවීමටයි සැලසුම් කර තිබෙන්නේ.

මීට අමතරව ලබන (10) වැනිදා සිට දුමිරිය දෙපාර්තමේතුවද ජනතාවට ගමන් පහසුව සැලසීම වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරිමට සැලසුම් කර තිබෙන අතර ඊට අදාල කාලසටහන ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි. මේ අතර නවීකරණය කළ පිටකොටුව ශ්‍රී ලංගම බස් නැවතුම්පළ හෙට (08) විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026