Skip to content
V
අර්ජුන මහේන්ද්‍රන්ට අධිකරණයේ පෙනී සිටීමට නොතීසි
featured news - උණුසුම් පුවත්

අර්ජුන මහේන්ද්‍රන්ට අධිකරණයේ පෙනී සිටීමට නොතීසි

By News Room · 26 November 2024

2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකළේ යැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ලක සැකකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026