Skip to content
V
අර්ජුන ඇලෝසියස් ඇප මත මුදා හරී
featured news - උණුසුම් පුවත්

අර්ජුන ඇලෝසියස් ඇප මත මුදා හරී

By News Room · 6 November 2024

නඩුව කැඳවූ අනුරාධපුර ප්‍රධාන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා සියලු පාර්ශවයන්ගේ කරුණු දැක්වීම් සැළකිල්ලට ගෙන සැකකාර අර්ජුන ඇලෝසියස්ට ඇප නියම කරමින් ප්‍රකාශ කළේ අපරාධ පරික්ෂණ දෙපාර්තෙමින්තුව මෙම සැකකරුගෙන් ප්‍රකාශයක් පවා ලබා නොගෙන මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීම මෙන්ම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම ද ගැටළු සහගත බවයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තෙමින්තුව  අසම්පූර්ණ සහ දෝෂ සහිත වැඩිදුර වාර්තා මෙන්ම අධිකරණ නියෝග ඉල්ලා සිටීමේ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීම මෙහිදී අධිකරණයේ දැඩි දෝෂ දර්ශණයට ලක් කළ ප්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා වැඩිදුර වාර්තා සහ වෙනත් ලේඛණ අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී මීට වඩා වගකීමෙන් කටයුතු කරන ලෙසටද අපරාධ පරික්ෂණ දෙපාර්තෙමින්තුවට දනුම් දුන්නේය.

නොච්චියාගම පී ඩී ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගෙමි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රසාද් දිලංක යන අය අපරාධ පරික්ෂණ දෙපාර්තෙමින්තුවට කරන ලද පැමිණිලල්කට අනුව මූලික විමර්ශන මෙහෙයවීමෙන් අනතුරුව බන්ධනාගාරය මගින් සැකකරු මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026